කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනයට රාජ්‍ය, පෞද්ගලික අවබෝධතා ගිවිසුමක්...

ඔක් 26, 2021

    ශ්‍රී ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනයට රාජ්‍ය, පෞද්ගලික ඒකාබද්ධ අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබුණා.

    ඒ, කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ පෝලන්ත ව්‍යාපාර ප්‍රාග්දන සමාගමක් වන "රෙජීනා පර්පියුරියා ෆුන්ඩුස්" සමාගම අතරයි. කාබනික පොහොර මෙට්‍රික් ටොන් 200,000 වාර්ෂිකව නිපදවීමට නියමිතයි. ආයෝජනය කෙරෙන මුදල  රුපියල් බිලියන 12.8 ක්.

    ඒකාබද්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශෂීන්දු රාජපක්ෂ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ, කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේවර්ධන "රෙජීනා පර්පියුරියා ෆුන්ඩුස්" සමාගමේ සභාපති හියුබට් ඩ්‍රැබික් යන මහත්වරු ද එක්ව සිටියා.

    පොහොර නිෂ්පාදනයට අවශ්‍ය කාබනික අපද්‍රව්‍ය නිපදවනු ලබන්නේ, කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින්.

    Latest News