අද විවෘත වන ඉන්දියාවේ 'කුෂිනගර්' ගුවන්තොටුපොළට පළමු ගුවන් යානය ශ්‍රී ලංකාවෙන්

ඔක් 20, 2021

    ඉන්දියාවේ 29 වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අද (20) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් විවෘත කිරීමට නියමිතව තිබේ.

    කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කෙරෙන අවස්ථාවේදී ප්‍රථම ගුවන් යානය ලෙස මෙරට යූ.එල් 1147 දරන ගුවන් යානය අද අලුයම 05.20ට කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියේය.

    මෙම ගුවන් යානයෙන් වස්කඩුව කපිලවස්තු ධාතූන් වහන්සේලා ද ඉන්දියාවට වැඩම කෙරේ. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත කණ්ඩායමට දිවයිනෙහි සෑම ප්‍රදේශයකින්ම භික්ෂූන් වහන්සේලා සියක් නමකට ආසන්න පිරිසක් ද එම අවස්ථාව සහභාගී වෙයි.

    ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික කුසිනාරා නගරයේ ඉදිකර ඇති කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මඟින් දඹදිව වන්දනාකිරීම සඳහා පහසුකම් සැලසෙනු ඇති.

    බුදුන් වහන්සේ පරිනිර්වාණයට පත් වූ කුසිනාරා නුවරට ‍ඉතා සුවිශේෂී ස්ථානයක් හිමි වෙයි. 

    2020 සැප්තැම්බර් 26 වැනි දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ අන්තර්ජාලය ඔස්සේ පැවති ද්විපාර්ශවික සමුළුවේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ප්‍රකාශ කරන ලද්දේ, කුසිනාරා නුවර ගුවන් තොටුපොළට ළඟා වන පළමු ජාත්‍යන්තර ගුවන් යානය ශ්‍රී ලාංකික වන්දනාකරුවන් රැගත් ගුවන් යානයක් වනු ඇති බවයි.

    246729275 10158452298416931 886500013659231341 n

    246770349 10158452298681931 6036828155975112996 n

    Last modified on බදාදා, 20 ඔක්තෝබර් 2021 10:18

    Latest News