කඨින පූජාවලට උපරිමය 50යි

ඔක් 19, 2021

    පනස් දෙනකුගේ සහභාගිත්වයෙන් කඨින පින්කම් පැවැත්වීම සදහා අවසර ලබාදීමේ නව මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (19) නිකුත්කරනු ලැබීය.

    ඒ අනුව කඨින චීවරය රැගත් පෙරහර සංවිධානය කිරීම, කඨින පූජාව සහ දහවල් දානමය පින්කම කඨිනානිසංස ධර්ම දේශනාවට සහභාගිවීම සදහා 50 දෙනකුට අවසර ලැබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නව මාර්ගෝපදේශවලට අනූව දුරස්ථභාවය, විසබීජහරණය, මුහුණු ආවරණ පැළැදීම ඇතුළු සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පින්කම් පැවැත්විය යුතුයි.

    Latest News