සියලු පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගුයි

ඔක් 27, 2018

    නැවත දැනුම් දෙන තුරු සියලුම පොලිස් නිළධාරින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

    පොලිස්වසම්වල සාමය ආරක්ෂා කිරීමට අදාළ සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

    ඒ අනූව ආරක්ෂාවට අවශ්‍ය පොලිස් මුර ජංගම සංචාර ක්‍රියාත්ම කෙරෙනු ඇති.

    සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති, කොට්ඨාස භාර නිළධාරීන්, දිස්ත්‍රික් බාර නිලධාරීන්, මුලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන් තම බලප්‍රදේශය තුළ රැදී සිටිමින් ආරක්ෂක කටයුතු සම්බන්ධව පුද්ගලිකව සොයා බලා සංවිධානය කළ යුතු බව නිවේදනයේ සඳහන්වේ.

    Last modified on සෙනසුරාදා, 27 ඔක්තෝබර් 2018 11:01

    Latest News