රාත්‍රී දුම්රිය වාර 8ක් අවලංගුයි

ජූලි 20, 2019

    අද රාත්‍රියේ ධාවනය වීමට නියමිතය දුම්රිය ගමන් වාර 8ක් අවලංගු කර තිබේ. ඒ පොතුහැර - පොල්ගහවෙළ දුම්රිය හරස් මාර්ගයක සිදු කරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.

    රාත්‍රී 7.00ට කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය වන මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හා රාත්‍රී 8.15ට කොළඹ කොටුවෙන් තලෙයි මන්නාරම දක්වා ධාවනය වන රාත්‍රී තැපැ්ල දුම්රිය ද මේ අනුව අවලංගු වන බවයි දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.

    රාත්‍රී 8.30ට කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා හා එහි සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන තැපැල් දුම්රිය ද මේ අනූව අවලංගු වෙයි. 9.50ට කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා හා ත්‍රිකුණාමලය සිට යලි කොළඹ කොටුව දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද මේ අනූව අවලංගු වනු ඇති.

    Last modified on සෙනසුරාදා, 20 ජූලි 2019 09:01

    Latest News