බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට රාජකීය අනුමැතිය

ජන 24, 2020

    බ්‍රෙක්සිට් පණත් කෙටුම්පත හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය නීතියක් බවට පත් වෙයි.

    ඒ, රාජ්‍ය නායිකාව ලෙස බ්‍රිතාන්‍යයේ ‍දෙවැනි එළිසබෙත් මහ රැජින ඊයේ (23) එම පණත් කෙටුම්පතට රාජකීය අනුමැතිය ලබා දීමෙන් අනතුරුවයි.

    ඒ අනුව මෙමස 31 වනදා වනවිට බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අවස්ථාව හිමි වනු ඇත.

    අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මියගේ පාලන සමයේ මෙම පණත් කෙටුම්පත සම්මත කර ගැනීමට අවස්ථා කිහිපයක් උත්සාහ දැරුව ද එය සාර්ථක වුයේ නැත.

    පසුගිය දෙසැම්බර් මාසයේ පැවති හදිසි මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බොරිස් ‍ජොන්සන් මහතා ජයග්‍රහණය කිරීමෙන් පසුව එම ක්‍රියාවලිය යළිත් ආරම්භ විය.

    ඒ අනුව මෙම පණත් කෙටුම්පත පසුගිය බදාදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයෙන් සම්මත විය.

    විදෙස් වාර්තා පවසන්නේ බ්‍රසල්ස් නුවර අද පැවැත්වෙන උත්සවයකදී බ්‍රිතාන්‍ය හා යුරෝපා සංගම් බලධාරීන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ගිවිසුමට අත්සන් තබනු ඇති බවයි.

    ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර අනෙකුත් වෙළඳ ගිවිසුම් සඳහා වන සාකච්ඡා කඩිනමින් ආරම්භ කෙරෙනු ඇත.

    Latest News