අගමැති පුටු මාරුව ගැන ප්‍රසන්න කී දේ (වීඩියෝ)

ඔක් 27, 2018
  • පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ ආණ්ඩුවේ වෙනසක් අවශ්‍ය බව ජනතාව පෙන්වා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    අග්‍රාමාත්‍ය ධුරයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දීම පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටි ප්‍රසන්න රණතුංග මහතා දිවයිනට පැමිණියේ අද උදේ. නව අග්‍රාමාත්‍යවරයා පත්වීම පිළිබඳව මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග “ජනතාව විශාල පීඩනයකට මුහුණ දීල හිටියා..ජනතාවට අවශ්‍ය වුණා මේ රටේ පාලන බලය වෙනස් කරන්න...ඒ නිසයි පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ආණ්ඩුවට එරෙහිව ඡන්දය ලබා දීලා හිටපු ජනපති මහින්ද රාජපක්ෂව අගමැති පුටුවේ වාඩි කරන්න ඔවුන්ට අවශ්‍ය වුණා...

    පසුගිය වසර කිහිපයේ දී රටේ ආර්ථිකය අභාවයට ගියා...නමුත්, මහින්ද රාජපක්ෂ මහතාට හැකිවේවි, රටේ ආර්ථිකය ගොඩනගලා ජනතාව ඉන්න පීඩනයෙන් මුදවා ගන්නා...ඒක නිසා, රටේ ජනතාව විශාල ශක්තියක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන්න ඕන“..වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

    Latest News