නව අගමැතිට - විදෙස් සුබ පැතුම්

ඔක් 27, 2018

    ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත විදෙස් සුබ පැතුම් ද හිමිව තිබෙනවා.

    ඉන්දියාවේ ප්‍රබල දේශපාලන චරිතයක් වන සුබ්‍රමණියම් ස්වාමි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තම මිත්‍රයෙකු වන මහින්ද රාජපක්ෂ මැතිතුමා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බවයි.

    අමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ශ්‍රී ලංකාවේ සියලු පක්ෂ ව්‍යවස්ථාවට එකඟව ක්‍රියා කරන ලෙසයි. ප්‍රචණ්ඩත්වයෙන් ඉවත් වී නීතියට අනුකූලව ක්‍රියා කරන ලෙස ද අමෙරිකාව ඉල්ලා සිටිනවා.

    Last modified on සෙනසුරාදා, 27 ඔක්තෝබර් 2018 09:26

    Latest News