දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

ඔක් 02, 2021

    ඇදහැලෙන වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කළ බවයි. එම නිවේදන පස්වරු 06 දක්වා බලාත්මකයි.

    මේ අතර අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරු සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.

    Latest News