නාය අනතුරු ඇඟවීම් අදත්

නොවැ 03, 2021

    බදුල්ල,මහනුවර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22කට නිකුත් කළ තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් අද (03) රාත්‍රී 08.00 දක්වා දීර්ඝ කර ඇති බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

    වැසි සහිත කාලගුණයක් සමග ඇති වූ ආපදා තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 41කට බලපෑම් සිදුව තිබේ.

    ආපදා තත්ත්වයෙන් පවුල් 1,444කට අයත් පුද්ගලයින් 5,790 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු ද විවෘත කර තිබේ.

    දිවයින ආසන්නයේ පැවති අඩුපීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහෙත්, අද දිනයේ ද දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    Latest News