පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක් සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය අද පස්වරු 5.00 දක්වා තවදුරටත් දීර්ඝ කර තිබේ.

දිස්ත්‍රික්ක 10 ක ප්‍රදේශ රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8කට පනවා ඇති නායයැම් අනතුරු නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

බදුල්ල,මහනුවර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22කට නිකුත් කළ තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් අද (03) රාත්‍රී 08.00 දක්වා දීර්ඝ කර ඇති බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

ඇදහැලෙන වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

අධික වර්ෂාව සමග කළු ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර නගරය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.

දිස්ත්‍රික්ක 4ක නිකුත් කෙරුණු නාය අනතුරු රතු නිවේදන තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

Latest News