නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

නොවැ 04, 2021

    වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8කට පනවා ඇති නායයැම් අනතුරු නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ බදුල්ල,මාතලේ, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික් සඳහා එම නායයෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇති බවයි.

    මේ හේතුවෙන් අදාළ දිස්ත්‍රික්කවල ජනතාව වැඩි අවධානයක් යොමුකළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 නොවැම්බර් 2021 11:27

    Latest News