කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

සැප් 25, 2021

    ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම-වලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේ සහ වෙරළ ප්‍රදේශයේ කළ වැටලීමකින් රුපියල් මිලියන 27කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැණින.

    ඊයේ උදෑසන මන්නාරම වලෙයිපාඩු වෙරළ තීරයට පැමිණෙමින් තිබූ සැකකටයුතු වල්ලම් යාත්‍රා දෙකක් උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මගින් “Z 190“ සහ “Z 227“ සෙඩ්‍රික් යාත්‍රා යොදවා විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළේය.

    ඒ අනුව අත්අඩංගුවට ගැනුණ “වල්ලම්“ යාත්‍රා තුළ තිබී නාවික හමුදා බාරයට ගත් කේරළ ගංජා කිලෝ 5ක ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා ජයපුර පොලිසිය වෙත බාර දෙනු ලැබීය. වලෙයිපාඩු වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා බාරයට ගත් කේරළ ගංජා කිලෝ 87ක පමණ තොගය ගිනි තබා විනාශ කිරීමට නියමිතයි.

    Latest News