නාවික හමුදාව අත්අඩංගුවට ගත් මත්කුඩු කොළඹ වරායට

සැප් 18, 2021

    ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට පත් හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 150ක් වන බව නාවික හමුදාව පවසයි.

    එම හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයන් 09 දෙනෙකු ද අත්අඩංගුවට පත්විය.

    මේ වන විට නාවික හමුදාවේ සමුදුර නෞකාව මඟින් සැකකරුවන් හා යාත්‍රාව කොළඹ වරාය වෙත රැගෙන විත් තිබේ.

    එම විදේශීය ධීවර යාත්‍රාව සහ විදෙස් ජාතික සැකකරුවන් 09 දෙනා ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත බව, නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

    Last modified on සෙනසුරාදා, 18 සැප්තැම්බර් 2021 11:55

    Latest News