බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට

සැප් 18, 2021

    එක්සත් රාජධානිය සිය කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 8ක් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

    ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ, සැප්තැම්බර් 22 වැනිදා සිට එය ක්‍රියාත්මක බවයි.

    තුර්කිය, මාලදිවයින, ඊජිප්තුව, පාකිස්තානය, ඕමානය, බංග්ලාදේශය සහ කෙන්යාව එම රටවල් අතරට අයත් බවයි, එරට ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ශප්ස් පවසන්නේ.

    ඒ අනූව අදාළ රටවලින් පැමිණ සංචාරකයින් හෝ පුද්ගලයින් සඳහා හෝටල් නිරෝධායනය අවශ්‍ය නොවනු ඇති.

    සම්පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇත්නම් එරටට පැමිණීමෙන් අනතුරුව PCR පරික්ෂාවකට ලක්වීම ද අවශ්‍ය නොවන බවයි, බ්‍රිතාන්‍යය ප්‍රවාහන ලේකම්වරයා සඳහන් කර ඇත්තේ.

    Latest News