ගෝඨ කපා චමල් ගන්න; වාසු උඩදාන්න හදන සතේ කාසිය (වීඩියෝ)

පෙබ 16, 2019
  • චමල් රාජපක්ෂ මහතාට මීළඟ ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තම පූර්ණ අනුමැතිය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා චමල් රාජපක්ෂ මහතාගේ ගුරුවරයෙකු ද වන බැවින් හොඳින් දන්නා බව ඔහු කියා සිටී. ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන පූර්ණවශයෙන් නොදන්නා බැවින් ඔහු ජනාධිපති අපේක්ෂක ධුරයට නම් කළ නොහැකි බවත්, වාසුදේව නානායක්කාර මහතා අද කොළඹ පැවති මාධ්‍ය සාකච්ජාවක දී ප්‍රකාශ කළේය.

    "වාසුදේව නානායක්කාර - පුළුල් සන්ධානේ ප්‍රගතියක් තියනවා..එක සාකච්ජාවක් ඉවර කළා..දෙවැනි සාකච්ජාව ලබන සතියේ..සන්ධානයේ ප්‍රතිපත්තිය,වැඩපිළිවෙළ, ව්‍යුහය, පක්ෂ තනතුරු, පක්ෂ දරන්නාවූ වගකීම් සම්භාරය, හිමිකම් ලැබෙන සංඛ්‍යාත්මක බලය විධායක බලය මේවගේ දේවල් ගැන අපි ඒ සාකච්ජාවේ දී කතා කරනවා...ජනාධිපතිතුමාත්, මහින්ද මහත්තයත් කිව්වා මේ කමිටුවේ කටයුතු ඉවර කරලා වාර්තාව දෙන්න ඕන ඊළග මෙහෙයුම් සභාව රැස්වෙනකොට..

    අපි කවුරු හරි අපේක්ෂකයෙක් නම් කර ගන්නවා..ඉහළ මට්ටමේ සාකච්ජාවෙන්..ජනාධිපතිතුමාත්, මහින්ද මහත්තයාත්, පක්ෂ නායකයන් එක්වෙලා අවසන් තීරණයක් ගන්නවා..අන්තිමට බැරිවුණොත් සතයක් උඩදාල හරි අපි තීන්දුව ගන්නවා..

    වාර්තාකරු - බැසිල් රාජපක්ෂ මහත්තයනම් කියන්නේ දෙසැම්බර් 9 වෙද්දී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරනවා කියලා?..

    වාසුදේව නානායක්කාර - නොවැම්බර් වෙද්දී නාමයොජනා දෙන්න ඕන ව්‍යවස්ථාව අනූව. දෙසැම්බර් 9 වෙද්දි ඡන්දය තියලා ඉවර වෙන්නත් ඕන..ඒ කරුණු ඒ දිනවල, ඒ වකවානුවල සිද්ධ වේවි...බැසිල් මහතා කරපු ප්‍රකාශයේ වලංගුතාවක් නැහැ..

    වාර්තාකරු - බැසිල් රාපක්ෂගේ ප්‍රකාශය අනූවනම් පොහොට්ටුවේ එක්කෙනෙක් කියන්නේ ගෝඨාභය රාජපක්ෂම වෙන්න ඕන?

    වාසුදේව නානායක්කාර -  එහෙම කියන්න බෑ..අපි විවෘතව මේවා තියාල තියෙන්නේ ආරවුල් කතා වෙන එක නවත්තන්න..

    වාර්තාකරු - ඇයි ගෝඨභය මහත්තයට එන්න බැරි..

    වාසුදේව නානායක්කාර - ඕන කෙනෙකුට එන්න පුළුවන් අපි තීන්දු කළොත්..එක එක්කෙනාගේ හිතේ තියන වුවමනාවට එන්න බැහැ..අපි ගන්න පොදු තීරණවලට එකඟ නොවුනොත්, ඒ අය බැහැර කරගෙන හරි අපි මේ ගමන යනවා..

    වාර්තාකරු - ඔබතුමා ඉස්සර ඉදලම කැමති චමල් රාජපක්ෂටද?

    වාසුදේව නානායක්කාර - මගේ ගණන් බැලීම අනූව, ලකුණු දැමීම අනූව වැඩිම ලකුණු ලබාගන්නේ චමල්, මම එයාට උගන්නපු ගුරුවරයෙක්නෙ...

    වාර්තාකරු - පොහොට්ටුවෙන්නම් නම් කිහිපදෙනෙක්ගෙ නාමයෝජනා තියෙනවා...

    වාසුදේව නානායක්කාර - ඔය කවුරු දැම්මත් දිනන් පුළුවන් අපිට...අපේ කඳවුරේ නියෝජිතයා විදිහට දැම්මහම...

    වාර්තාකරු - ගෝඨාභය මහත්තයට ලකුණු කැපුණෙ මොනවයින්ද?

    වාසුදේව නානායක්කාර - මම කොච්චර හොදින් දන්නවද පුද්ගලයෙක්...මම දන්නාවූ ප්‍රමාණයට ඒ අයට ලකුණු වැඩිවෙලා තියෙනවා..ඒ අය ගැන හොද නරක දන්නවනේ..මම නොදන්න ප්‍රමාණයට ලකුණු අඩුවෙලා තියනවා.."

    Last modified on සෙනසුරාදා, 16 පෙබරවාරි 2019 16:28

    Latest News