නවීකරණය වූ පාසල් වාර්ෂික අධ්‍යාපන චාරිකා

පෙබ 16, 2019

    බස්රථ විදුලි බල්බ් මගින් අලංකාර කර නවීකරණය කිරීමත් සමග පාසල් ළමුන් අතර බස් රථ පිළීබදව විශාල උන්මාදයක් පැතිර යමින් පවති.

    පාසල් ළමුන්ගේ අධ්‍යාපන චාරිකා සඳහා නවීකරණය කළ බස් රථ භාවිතා කිරිම මේ දිනවල සුලබව දැක ගැනීමට හැකිවේ. බොහෝ දරුවන් එම බස් රථ වල ගමන් කරන ආකාරය සහ හැසිරෙන ආකාරය පිළිබඳව ජනතාවගේ විමතිය පලවේ.

    වසරේ ආරම්භයත් සමග අධ්‍යාපන චාරිකා පාසල් මට්ටමින් සංවිධානය වීම විශේෂත්වයකි. දඹුල්ල රජ මහා විහාරස්ථ උයන්වත්ත රාජමහා විහාරය ආසන්නයේ බස් රථ කිහිපයක් 15 දින රාත්‍රී නවතා එහි සිසු සිසුවියන් ගුරුභවතුන් ඇතුළු පිරිස අධ්‍යාපන චාරිකාව අතරතුර විනෝද වෙන ආකාරය දැක ගැනීමට හැකියාව ලැබිණි.

    හෙට රට භාර ගැනීම සඳහා සිටින දරු දැරියන්ට අධ්‍යාපන චාරිකාවක නියැලී රටතොට ගමන් කරන ආකාරය ඉගැන්වීම මෙම චාරිකා වල අරමුණ වෙයි. එහෙත් අධ්‍යාපන චාරිකා වලට මුවාවී සංගීත සංදර්ශන මෙන් බෞද්ධ සිද්ධස්ථාන ආසන්නයේ හැසිරිම හෙට රට භාර ගැනීමට සිටින දරුවන්ට උගන්වන්නේ කුමක්දැයි එම අවට සිටි බොහෝ දෙනාගේ මතය බවට පත්වුයේය. එම ස්ථානයේ සිදුකිරීම් ක්‍රියාදාමයන් අප ජංගම දුරකතනයකින් හදිසියේ පටිගත කරගත් අතර එහෙත් ගුරුවරයකු පැමිණ ඊට බාධා එල්ල කරන්නට වූයේ පාසල් ළමුන් සිටින නිසා එය වීඩියෝගත කර නොකරන ලෙසයි.එය නුසුදුසු යැයි දැන සිටීම ද විශේෂත්වයකි.

    අධ්‍යාපන චාරිකාව විනෝද චාරිකාවක් බවට පත්ව මෙරට බස් උන්මාදය කාවද්දා ගුරුවරුන් හැසිරුණු ආකාරය පිළිබඳව අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු නොවේද.? අධ්‍යාපන චාරිකා සූදානම් කිරීමේදී දරුවන්ගේ ආරක්ෂාව සහ රටේ සංස්කෘතිය පිළිබඳව විදුහල්පතිවරුන්ට මෙන්ම ගුරුවරුන්ට දැනුවත් බවක් ලබාදීම කඩිනමින් සිදුකළ යුතුවේ.

    බස් රථවල සවි කර ඇති වෙනත් අංගෝපාංග සහ අධික ශබ්ද නලා සහ විදුලි ආලෝක පද්ධති පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ අවධානය යොමු විය යුතුවේ.

    Latest News