විශාල මුදලක් ගෙවන්න තියෙනවා - අපි දුවන්නේ බොහෝම දුෂ්කර තත්වෙක - ඇමති වාසු

නොවැ 30, 2019

    පසුගිය රජය ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවලට අදාළව විශාල මුදලක් ගෙවීමට ඇති බැවින් නව රජය ඉතා දුෂ්කර තත්වයක පසුවන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

    වාසුදේව නානායක්කාර මහතා මේ බව කියා සිටියේ ඊයේ (29) සිය අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කරමිනි.

    "අපි දන්නවා අපි බොහොම දුෂ්කර තත්වයක ඉන්නෙ. මට දැන් අපේ අග්‍රාමාත්‍යතුමාගෙ ලේකම් ප්‍රියත් බන්දු මහතා කිව්වා විශාල මුදලක් ගෙවීමට ඉතුරුවී තිබෙනවා, පිටට ගෙවන්න ඕනෙ මුදල්. පහුගිය කාලෙ ආණ්ඩුව කිසිම ගෙවීමක් කළේ නෑ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ගම්පෙරළිය කිය කියා විවිධාකාර ලෙස වියදම් කළා, ගෙවන්න විශාල මුදලක් හිරවී තිබෙද්දි. මෙවැනි ප්‍රශ්න තිබෙනවා, ඒවා ගැන කටයුතු කරන්න ලේකම් මහත්වරුන් සමඟ අපි යම් පිළිවෙතක් හොයාගැනීමට කටයුතු කළ යුතුයි." යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

     

    Latest News