මන්නාරම; අස්ථි සාම්පල් වාර්තාව අද දිවයිනට (වීඩියෝ)

පෙබ 16, 2019

    කාබන් පරීක්ෂණය සඳහා අමෙරිකාවේ ෆ්ලොරිඩා කාබන් රසායන පරීක්ෂාගාරය වෙත යැවූ මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි සාම්පලවල වාර්තාව අද ලැබුණු බව, එහි කැණීම් සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා පවසයි.

    සමූහ මිනීවල සම්බන්ධයෙන් කාබන් පරීක්ෂණ රසායනාගාරය වෙත යැවූ සාම්පල හයෙන් පහක වාර්තා ලැබී ඇති බවයි, ඔහු පවසන්නේ. අදාළ වාර්තා පිළිබඳ ලබන 20 වැනිදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට නිකුත් කිරීමට නියමිතයි.

    මේ වන විටත් මිනීවලේ පරීක්ෂණ පැවැත්වෙයි. එහි තිබී මිනිස් සිරුරු 323ක අස්ථි කොටස් මතුකර ගැනීමට හැකිවිය. එම අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කළ සාම්පල් 06 ෆ්ලොරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාරයට ලබා දුන්නේ, ජනවාරි 23 වැනිදායි.

    Last modified on සෙනසුරාදා, 16 පෙබරවාරි 2019 20:36

    Latest News