තදබඳයට විසඳුමක් දෙන කොළඹ - නුවර යාකරන අධිවේගය

පෙබ 16, 2019

    මධ්‍යම අධිවේගී මාර්ගය කොටස් 4කින් සමන්විතයි. එහි පළමු කොටස කඩවත සිට මීරිගම දක්වා කිලෝ මීටර 37කින් සමන්විතයි.

    කිලෝ මීටර 39යි දශම දෙකකින් එහි දෙවැනි කොටස මීරිගම සිට කුරුණෘගල දක්වා ඉදිවෙයි. තුන්වැනි කොටස පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝ මීටර 32යි දශම 5ක් වන අතර, කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝ මීටර 60යි දශම 3කින් හතරවන අදියර ක්‍රියාත්මක වෙයි.

    මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවැනි අදියර මීරිගම, නාකලගමුව, දම්බොක්ක හා කුරුණෑගල ලෙස අන්තර් හුවමාරු ස්ථාන 4ක් ක්‍රියාත්මක වෙයි. මාධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියර ආරම්භ වන පොතුහැර අන්තර් හුවමාරුවෙන් නුවර - කුරුණෑගල මාර්ගයටත්, කොළඹ දෙසට රථ වාහන හුවමාරුවීමේ අවස්ථාව දෙවැනි අදියර අවසන්වීමත් සමඟ ජනතාවට උදාවෙයි.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර යටතේ මීටර දස දහස් හාරසිය විසි එකක දිගකින් යුත් කොන්ක්‍රීඩ් කුළුණුමත ඉදිවෙන මාර්ග කොටස් 36කින් සමන්විතයි.

    සිදුවන පරිසර බලපෑම් අවමවන පරිදි එනම්,මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම හේතුවෙන් ජල ගැලීම් වැනි තත්වයන් අවමවන පරිදි ඉදිකිරීම් සිදු කරන අතර, ඊට ප්‍රදේශයේ මහජනතාවගේ ද අදහස් ලබාගෙන තිබීම විශේෂත්වයක්. කිලෝ මීටර 40ක් පමණ වන මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කඩවත දක්වා වූ දෙවැනි අදියර 2017 ජනවාරි මාසයේ වැඩ ආරම්භ කළ අතර, එය මේ වසරේ අවසානයේ ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 16 පෙබරවාරි 2019 20:21

    Latest News