අනවසරයෙන් මාළු ඇල්ලූ තරුණයින්ට මාංචු

පෙබ 16, 2019

    කල්පිටිය, කුදිරමලේ මුහුදු ප්‍රදේශයේදී අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් 02 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    එහිදී ඔවුන් සතුව තිබූ කකුලු වන් ඇල්ලීම සඳහා භාවිතා කරන දැල් කිලෝ ග්‍රෑම් 20 ක්, කකුලුවන් කිලෝ 03 ක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

    ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කකුලුවන්, දැල්, සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

    Latest News