රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ්, මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී මහබැංකු වේ අධිපති ලෙස

සැප් 13, 2021

    මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය අමාත්‍ය ධුරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් අද ඉල්ලා අස් වුණා.

    ඒ අනුව ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පත්කිරීමට යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත්තේ. රාජ්‍ය අමාත්‍ය අජිිත් නිවාඩ් කබ්රාල් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක වෙත භාරදුන්නේ අද පෙරවරුවේ යි.

    මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කරන මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් හෙට එම ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත අතර, නව අධිපති ධුරයේ අජිත් නිවාඩ් කබ්රාල් එළඹෙන බ්‍රහස්පතින්දා රාජකාරි ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ. මීට පෙර 2006 වසරේ ජූලි 1 වැනි දා සිට 2015 වසරේ ජනවාරි 9 වැනි දා තෙක් ඔහු මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කරනු ලැබුවා.

    හෙට ජනාධිපතිතුමාගෙන් ලිපියේ භාරගෙන පහළොස් වෙනිදා සිට වැඩ ආරම්භ කරන බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියා.

    මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය රැක ගනිමින් රටේ ඉදිරි දිගු ගමනට සහය වෙන බව ද ඒ් මහතා ප්‍රකාශ කර සිටියා.

    පසුගිය කාල වකවානුව තුල මුදල් අච්චු ගැසීම පිළිබඳව ප්‍රශ්නයක් විමසා සිටි අවස්ථාවේදී එතුමා කියා සිටියේ රටේ ඉතාමත් දුෂ්කර කාලවල දී පවා අපි මේවා හසුරවා ඇති බවත් ප්‍රශ්න වලට විසඳුමක් ඇති බවත් ඒ විසඳුම් ඔහු විසින් ලබා ගන්නා බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ් මහතා ප්‍රකාශ කර සිටියා

    ජනාධිපතිතුමා බාර දුන් මෙම ධූරය එතුමා සතුටින් බාර ගත් ලෙසත් දුකකින් අමාත්‍ය ධූරය අත් හැර යන්නැති බවත් එතුමා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

    Latest News