ආනාගතය රඳා පවතින්නේ, එකමුතුකම හා සහජීවනය මතයි - අගමැතිතුමා

සැප් 13, 2021
  • ආනාගතය රඳා පවතින්නේ, එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මත බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

    ඉතාලියේ බොලොඤ්ඤා හි පැවැත්වෙන ජී-20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිවාරය අමතමින් අගමැතිතුමා මේ බව කියා සිටියා.

    එම ශාලාවෙන් පිටත රැස්වී සිටි පිරිසෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්.

    ජී 20 රාජ්‍ය නායක සමුළුව ලබන ඔක්තෝබර් මස ඉතාලියේ රෝම අගනුවරදී පැවැත්වීමට නියමිත අතර ඊට සමගාමීව ජී 20 අන්තර් ආගමික සංසදය ඉතාලියේ බොලොඤ්ඤාහිදී ඊයේ (12) ආරම්භ වුණි.

    ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 7.30 ට පමණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි ආරම්භක සැසිය අමතනු ලැබුවා.

    Latest News