නිරෝධායන ඇදිරි නීතිය සැප්තැම්බර් මස 21 දින දක්වා දීර්ඝ කෙරේ (වීඩියෝ)

සැප් 10, 2021
  • මේ වන විට බලපවැත්වෙන නිරෝධායන ඇදිරි නීතිය සැප්තැම්බර් මස 21 දින දක්වා දීර්ඝ කෙරේ.

    සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව නිවේදනය කර තිබේ‍.

    ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී එම තීරණයට එළැඹි බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.

    ඒ අනුව දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 21 වන අඟහරුවාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

    Last modified on සිකුරාදා, 10 සැප්තැම්බර් 2021 13:46

    Latest News