ශ්‍රී ලංකාවට ආර්ථික ජයග්‍රහණ රැසක් අත්කර ගත හැකි බව අමෙරිකානු තානාපතිනිය කියයි

සැප් 09, 2021

    අපනයන සදහා පහසුකම් සැලසීම ව්‍යවසායකත්ව දිරිගැන්වීම් සහ ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීම යන අංශ සදහා නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ නම් ශ්‍රී ලංකාවට ආර්ථික ජයග්‍රහණ රැසක් අත්කර ගතහැකි බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අලීනා බිී. ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

    ආර්ථික සහ සමාජීය නවෝත්පාදන සදහා ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය ඉහල යමින් පවතී. පසුගිය වසර 3 තුළ එය වඩාත් ශක්තිමත් වී තිබේ. ඇගලුම් ක්‍ෂේත්‍රයේ මහපරිමාණ නවෝත්පාදන දක්නට ලැබේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මතුවී ඇති ආර්ථික ගැටඵවලට විසදුම් සෙවීම සදහා ශ්‍රී ලංකාවට බාහිර ආර්ථික දැක්මක් අවශ්‍ය බව පසුගියදා පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමෙරිකානු තානාපතිනිය සදහන් කළාය. ශ්‍රී ලංකාව සහ අමෙරිකාන එක්සත් ජනපදය අතර පවතින වෙළෙඳ සබඳතා පිලීබඳව එහිදී අදහස් දැ්කවු තානාපතිනිය එම සබඳතා ශක්තිමත් කර ගැනීමට එක්සත් ජනපදය නිරතුරු අවස්ථා සොයමින් සිටින බව සදහන් කළාය. මානව හිමිකම් ගැටඵ පිළිබඳ අදහස් දැක්වු ඇය ශ්‍රී ලංකාවේ සංහිදියා ක්‍රියාවලියට සහාය දැක්විමට එක්සත් ජනපදය නිරතුරු සුදානම් බව අවධාරණය කළාය.

    Latest News