ශ්‍රී ලංකා අමෙරිකානු තානාපතිනි සහ නාවික හමුදාපති අතර හමුවක්

මැයි 21, 2022
    ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී වශයෙන් කටයුතු කරනු ලබන ජූලි ජේ. චන්ග් (Julie J.Chung) මහත්මිය ඊයේ (20) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.
    ශ්‍රී ලංකාවේ අමෙරිකානු එක්සත් ජනපද තානාපතිනී ජූලි ජේ. චන්ග් මහත්මිය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු වූ ප්‍රථම නිළ හමුව ලෙස එම අවස්ථාව සනිටුහන්විය. 
    ඒ අනුව, මෙම නිළ හමුවේදී නාවික හමුදාපති සහ ඇමෙරිකානු තානාපතිනිය ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක නිරත වූ අතර, එහිදී ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් මේ වන විට ඇමෙරිකාවේ සියැටැල්හි නවීකරණ කටයුතු සිදු කරමින් පවතින ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ඩග්ලස් මුන්රෝ’ නෞකාව (EX USCGC Douglas Munro) මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගන්නා ලදී.
     
    තවද, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු විය.
    මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශක, ලුතිනන් කර්නල් ට්‍රැවිස් කොෂ් (Lieutenant Colonel Travis Cox) සහ නාවික උපදේශක ලුතිනන් කොමාණ්ඩර් රිචඩ් ලිස්ටර් (Lieutenant Commander Richard Lister) යන නිලධාරින් සහභාගී විය.

    Latest News