සයිනොෆාම් එන්නත් තොගයක් දිවයිනට

සැප් 05, 2021

    චීනයෙන් ඇනවුම් කරන ලද සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන හතරේ පළමු කොටස අද (05) උදෑසන දිවයිනට රැගෙනවිත් තිබේ.

    චීනයේ බෙයිජිං ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869 දරණ විශේෂ ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය මෙරටට රැගෙනවිත් ඇත.

    අනතුරුව එම එන්නත් තොගය අධිශීතකරණ සහිත ලොරි රථ මගින් කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකයේ පිහිටි මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන එනු ලැබීය. 

     

    Last modified on ඉරිදා, 05 සැප්තැම්බර් 2021 09:15

    Latest News