සයිනොෆාම් එන්නත් මාත්‍රා විසිතුන් ලක්ෂයක් දිවයිනට (වීඩියෝ)

අගෝ 28, 2021
  • චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා විසි තුන් ලක්ෂයක් අද (28) අලුයම මෙරටට රැගෙන එනු ලැබීය.

    චීනයේ බෙයිජිං නුවර සිට විශේෂ ගුවන් යානයකින් එම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    මෙම එන්නත් තොගය අතරින් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ශ්‍රී ලංකාව විසින් මුදල් ගෙවා ලබාගෙන ඇති අතර, චීන මහජන විමුක්ති හමුදාව විසින් මෙරට ආරක්ෂක හමුදා වෙත පරිත්‍යාග කරන ලද තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ද ඊට අයත්.

    මෙම එන්නත් තොගය භාර ගැනීමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, ශ්‍රී ලංකා යුධ හමුදපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු රාජතාන්ත්‍රිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේය.

    ඒ අනූව, අගෝස්තු මාසය තුළදී චීනයේ සිට සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 07ක්, ශ්‍රී ලංකාවට ලැබී තිබේ. මේ දක්වා ශ්‍රී ලංකාවට එවා ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගය මිලියන 18ක් බවයි, මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ.

    මේ අතර, අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් ද අද අලුයම 1.35ට පමණ කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට රැගෙන ආ බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 28 අගෝස්තු 2021 09:52

    Latest News