එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස 90 ලක්‍ෂය ඉක්මවයි

සැප් 04, 2021

    මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස 90 ලක්‍ෂය ඉක්මවා තිබේ.

    එය, අනූ ලක්‍ෂ 7588කට ලබාදී ඇති බව, වසංගත රෝග විද්‍යා අංශය පවසයි. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට එන්නත් මාත්‍රා දෙකෝටි 16 ලක්‍ෂ 67,819ක් ලබාදී තිබේ. ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 3381කට ඊයේ ලබාදී ඇති අතර එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 383ක්.

    සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 24,883කට ඊයේ ලබා දී තිබේ. එහි දෙවන මාත්‍රාව ලබාගත් පිරිස එක් ලක්‍ෂ 61,415ක්. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ඊයේ 26,192කට ලබාදී ඇති අතර, එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 2408ක්.

    මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 145කට සහ එහි දෙවැනි මාත්‍රාව 10,785කට ලබාදී තිබේ. ඉකුත් දින 7 තුළ මෙරට ජනතාවට ලබාදී ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය 23න් ලක්‍ෂ 44,673ක්. ඊයේ ලබා දී ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය දෙලක්‍ෂ 37,334ක්.

    බෙලිඅත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 20ත්, 30ත් අතර පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීමේ වැඩසටහන ශ්‍රී සුනන්දාරාමයේ දී අද (04) පැවැත්වේ. එහිදී ලබාදෙන්නේ, ෆයිසර් එන්නතයි.

    Last modified on සෙනසුරාදා, 04 සැප්තැම්බර් 2021 12:01

    Latest News