දෙමටගොඩින් හමුවූ කෝටියක මත්කුඩු

සැප් 04, 2021

    දෙමටගොඩ, ඔරියන්ටල් නිවාස සංකීර්ණය ඉදිරිපිටදී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් හොරෙයින් මත්කුඩු තොගයක් සමග කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

    ඔවුන් සතුව තිබී මත්කුඩු ග්‍රෑම් 969ක් හා මිලිග්‍රෑම් 670ක් සොයා ගැනිණ. සැකකරුවන් වයස අවුරුදු 39 සහ 42 අතර පසුවන බොරැල්ල, බේස්ලයින් පාර හා සර්පන්ටයින් පාර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

    ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

    Last modified on සෙනසුරාදා, 04 සැප්තැම්බර් 2021 12:30

    Latest News