සඟවා තිබූ සීනි තොගයක් මාබෝල ගබඩාවකින් එළියට

සැප් 01, 2021

    වත්තල,මාබෝල ප්‍රදේශයේ ගබඩාවක නිසි අවසරයකින් තොරව ගබඩා කර තිබූ සීනි මෙට්‍රික් ටොන් 4,800කට අධික ප්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් අද සිය බාරයට ගනු ලැබීය.

    පසුගිය 28 වැනිදා සිට 30 දක්වා කාලය තුළ අධිකාරිය ක්‍රියාත්මක කළ වැටලීම් කිහිපයකින් සීනි මෙට්‍රික් ටොන් 10,255කට අධික ප්‍රමාණයක් සොයා ගැනිණ.

    අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් මේජර් ජනරල් එම්.ඩී.එස්.පී නිවුන්හැල්ල හා පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් අද උදේ මේ ස්ථානයට පැමිණියේය.

    අනතුරුව එම සීනි තොගය පාරිභෝගික සේවා අධිකාරිය යටතට පවරා ගනුලැබීය.

    මේ අතර සතොස හා සමූපකාරවලින් ජනතාවට රතු සීනි කිලෝවක් රුපියල් 130කට අලෙවි කිරීම ආරම්භ කර තිබේ. ප්‍රදේශ රැසක ජනතාව සීනි මිලදී ගැනීමට එම ස්ථාන වෙත පැමිණ සිටිනු දක්නට ලැබිණ.

    Latest News