ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා පෞද්ගලික අංශය වෙත සීනි බෙදාහැරීම ඇරඹේ

සැප් 06, 2021

    ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා පෞද්ගලික අංශයේ තොග වෙළෙඳුන්ට සීනි තොග නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් යටතට පත් කරන ලද සීනි තොගයි.

    මේ ආකාරයෙන් නිකුත් කරනු ලබන සීනි තොග, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා රජයේ පාලන මිළ යටතේ මහජනතාවට අළෙවි කිරීම සඳහා ප්‍රාදේශීය තොග වෙළෙඳුන් වෙත නිකුත් කරනු ලබන අතර, ඒ අනුව සුදු සීනි කිලෝවක් රු.117/= හා දුඹුරු සීනි කිලෝවක් රු.120/=ක් බැගින් ඕනෑම ප්රාමාණයක් ගබඩා වලින් නිකුත් කිරීමට කටයුතු සලසා ඇත.

    ඒ අනුව, මෙම ක්‍රියාවලිය සම්බන්ධව සිදු කෙරෙන වැඩිදුර විමසීම් සඳහා 011-3681797 හෝ Whatsapp 0769906906 දුරකථන අංක මඟින් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව ඇමතිය හැකි බව වෙළඳ අමාත්‍යංශය නිවේදනය කරයි.

    Latest News