භාවිතයට නුසුදුසු සීනි තොගයක් අල්ලයි

අගෝ 25, 2021

    පාරිභෝගිකයන් සදහා භාවිතයට නුසුදුසු සීනි තොගයක් පාරිභෝගික අධිකාරිය වටලා තිබෙනවා.

    ඒ පිටකොටුවේ සිට කල්මුණේ දක්වා ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබිය දී, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මතයි.

    හොඳ සීනි සමග භාවිතයට නුසුදුසු සීනි ගෝනි එකට පටවා, පිටකොටුව පරණ යොන් වීදිය (old moor street) සිට කල්මුණේ දක්වා මෙය ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබෙනවා. මෙහි සීනි ගෝනි දෙසියයක් පමණ අසුරා තිබී ඇති අතර ඒ් අවස්ථාවේ පාරිභෝගික අධිකාරිය විසින් මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    විමර්ශනවලින් අනතුරුව පාරිභෝගික අධිකාරිය විසින් මොවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

    Latest News