රිෂාඩ් ලබන 7 වැනිදා දක්වා රිමාන්ඩ්

සැප් 01, 2021

    පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සැප්තැම්බර් මස 07 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    ෙමෙම පැමිණිල්ල අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයා වෙනුවෙන් විශේෂ කරුණු දැක්වීමක් ඉදිරිපත් කිරීමට අවශ්‍යව තිබෙන නිසා මෙම නඩුව කෙටි දිනයකින් කැඳවන ලෙස ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම පිළිගත් අධිකරණය නඩුව නැවත ලබන 07 වැනිදා කැඳවීමට නියම කළ අතර සැකකාර රිෂාඩ් බදියුදීන් එදින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

    සැකකාර රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත අමාත්‍යවරයාව සිටිය දී පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්සාෆ් නොමැති මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් "කෝලෝසස්" නැමැති තඹ කර්මාන්ත ශාලාවට විශේෂ සැලකිල්ලක් දක්වා තඹ තොග ලබා දීම තුළින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට ආධාර අනුබල දුන්නේයැයි සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    Latest News