සදාකාලික යුදමය තත්වයක් අපේක්ෂා නොකළ බව ජෝ බයිඩන් පවසයි

සැප් 01, 2021

    දීර්ඝ කාලයක් පැවති ඇෆ්ගන් යුද්ධය මුළුමණින්ම නිම කළ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

    අමෙරිකාවේ නායකයා ලෙස තමා සදාකාලික යුදමය තත්වයක් පවත්වා ගැනීමට අපේක්ෂා නොකරන බවයි ඔහු කියා සිටියේ.
    අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්ව යාමේ අවසන් දිනය ඊයේ සනිටුහන් වූ අතර ඉන් පසු මාධ්‍ය වෙත පළමු වරට අදහස් දක්වමින් ජනාධිපති බයිඩන් මෙම අදහස් පළ කළේය.
    අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ රැඳී සිටි කාලසීමාව වසර 20ක්. ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ, අමෙරිකානු හමුදා තවදුරටත් ඇෆ්ගනිස්තානය තුළ රැඳී සිටීම සුදුසු පිළියමක් නොවන බවයි.

    Last modified on බදාදා, 01 සැප්තැම්බර් 2021 11:44

    Latest News