'ස්පුට්නික් V'එන්නත් මාත්‍රා තොගයක් මෙරටට

අගෝ 31, 2021

    තවත් 'ස්පුට්නික් V' එන්නත් මාත්‍රා 15,000ක් අද (31) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

    ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයකින් එම එන්නත් මාත්‍රා මෙරටට රැගෙන ආ බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    පසුව එන්නත් තොගය විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත රැගෙගනවිත් ඇත. 

    Latest News