තවත් ස්පුට්නික් V මාත්‍රා 15,000ක් දිවයිනට (වීඩියෝ)

අගෝ 11, 2021
  • ශ්‍රී ලංකාව විසින් මිලදී ගත්, රුසියාවේ නිෂ්පාදිත " ස්පුට්නික් V" එන්නත් මාත්‍රා තොගයක් අද (11) අලුයම දිවයිනට රැගෙන විත් තිබේ.

    ඒ අනුව එන්නත් මාත්‍රා 15,000ක ප්‍රමාණය අද අලුයම 12.35ට පමණ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබු බව අප වාර්තාකරු පැවසීය.

    අනතුරුව එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මඟින් මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන එනු ලැබීය.

    Latest News