ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් දිවයිනට

අගෝ 28, 2021

    පරිත්‍යාගයක් ලෙස ලැබුණු අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් ද අද අළුයම මෙරටට රැගෙන එනු ලැබීය.

    ඒ, එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 648 දරන ගුවන් යානයෙන්. එන්නත් තොගය ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ටෙක්ලිස් මහත්මිය විසින් තානාපති නිල නිවසේ දී අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත අද නිල වශයෙන් බාරදෙනු ලැබුබීය.

    මෙම කාලය තුළ අමෙරිකානු ජනතාව ලබාදුන් සහයෝගය මිල කළ නොහැකි බවත් වසංගතයට එරෙහිව සටන් කිරිම සදහා සැවොම එක්ව ලබාදෙන සහය පිළිබදව ප්‍රණාමය පුදකරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

    අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මේ වසර අවසානය වන විට මෙරට ජනතාවට පූර්ණ එන්නත්කරණයට ලක්කිරීමට කටයුතු කරමින් සිටින බවයි. 

    238546480 10161491040487846 6484695137544665168 n

    Last modified on සෙනසුරාදා, 28 අගෝස්තු 2021 19:03

    Latest News