ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර් සොයා වැටලීම් (වීඩියෝ)

අගෝ 28, 2021
  • ලංකාව පුරා විශාල වශයෙන් තත්වයෙන් බාල ඔක්සිමීටර් අලෙවි කරන බවට ලැබෙන මහජන පැමිණිලි මත අද (28) දින සිට වැටලීම් ක්‍රියාත්මක කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

    දකුණු පළාත් ආහාර හා ඖෂධ පරීක්ෂක කේ.ජී. ජයරත්න මහතා මේ බව සඳහන් කළේ අද (28) ගාල්ල සහ අවට ප්‍රදේශවල වැටලීම්වලට එක්වෙමිනි.

    “ලංකාව පුරා විශාල වශයෙන් තත්වයෙන් බාල ඔක්සිමීටර් අලෙවි කරන බවට මහජන පැමිණිලි විශාල වශයෙන් ලැබෙමින් පවතිනවා. විශේෂයෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියටත් දකුණු පළාතේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලවලටත් මේ ආකාරයේ මහජන පැමිණි විශාල වශයෙන් දිනපතා ලැබෙමින් පවතිනවා. 

    මේ නිසා ශ්‍රී ලංකාවේ මුල්වරට අපි තත්වයෙන් බාල ඔක්සි මීටර් සොයා බැලීමේ සහ අත්අඩංගුවට ගැනීමේ කටයුත්තක් මුල්වරට ගාල්ලේ දිස්ත්‍රික්කයෙන් අද ආරම්භ කරනු ලැබුවා. 

    ගාල්ල නගරය, කරාපිටිය, බද්දේගම,අම්බලන්ගොඩ වගේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර ආශ්‍රිතව මෙම වැටලීම් දියත් කරනු ලැබුවා. දකුණු පළාතේ ආහාර හා ඖෂධ වැටලීම් කණ්ඩායම මගින් මෙම වැටලීම් සිදුකරනු ලැබුවා. 

    අද දිනයේ දී ඖෂධහල් හතළිස් දෙකක් පමණ අපි පරික්ෂා කරනු ලැබුවා. එහිදී තත්වයෙන් බාල ඔක්සිමීටර් 250ක් පමණ අත්අඩංගුවට ගනු ලැබුවා.

    මෙම තත්වයෙන් බාල ඔක්සි මීටර් පිළිබඳව ජාතික ඖෂධ නියමන අධිකාරියට දැනුම් දීමෙන් පසුව එම තත්වයෙන් බාල ඔක්සිමීටර් අලෙවි කරපු ඖෂධහල් හිමියන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ”

    Last modified on සෙනසුරාදා, 28 අගෝස්තු 2021 19:38

    Latest News