තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

ඔක් 19, 2021

    තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 608,000ක ප්‍රමාණයක් අද (19) දිවයිනට රැගෙනවිත් තිබේ.

    ඒ අලුයම 02.15ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 668 දරන ගුවන් යානයෙන්.

    එම එන්නත් තොගය මුලින්ම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත එවා තිබුණි. ඉන් අනතුරුව එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් ඇති බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    Latest News