තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

ඔක් 02, 2021

    තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක තොගයක් ඊයේ (01) මෙරටට ලැබී තිබේ. 

    ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේයි. එන්නත් මාත්‍රා තොගය  එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ.650 දරණ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙරටට රැගෙන එනු ලැබීය.

    එම එන්නතල් තොගය ගුවන් තොටුපලේ සිට නාරාහේන්පිට පිහිටි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ එන්නත් ගබඩාවේ විශේශිත ශීතාගාර වෙත රැගෙනආ බවයි, අප වාර්තාකරු පවසන්නේ. 

    කොවැක්ස් පහසුකම යටතේ අමෙරිකානු රජය මෙරටට ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 9ක් ලබා දී තිබේ.  එරට රජය මෙරටට ලබා දී ඇති ෆයිසර්,මොඩනා සහ ඇස්ට්‍රා‍සෙනෙකා එන්නත් මාත්‍රා ප්‍රමාණය ලක්ෂ 42ක් පමණ වෙයි.  

    Last modified on සෙනසුරාදා, 02 ඔක්තෝබර් 2021 11:58

    Latest News