මධ්‍යම කඳුකරයට තද වැසි සමග අධික සුලං තත්වයක්

අගෝ 28, 2021

    මධ්‍යම කදුකරයට විටින් විට තද වැසි සමග අධික සුලං, ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්නයි.

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (27) දින රාත්‍රියේ සිට විටන් විට තද වැසි සමග අධික සුලං තත්ත්වයක් පවතින බව නුවරඑළිය ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ රංජිත් අලහකොන් මහතා පවසයි.

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ගිනිගත්හේන, වටවල, නෝටන්බ්‍රිජ්, මස්කෙලිය , හැටන්, නොර්වුඩ්, බගවන්තලාව යන පොලිස් බල ප්‍රදේශවලට මෙසේ විටන් විට තද වැසි සමග අධික සුලං තත්ත්වක් සහ ඇතැම් ස්ථානවල ඝන මිදුම් තත්ත්වයක් ද පවතී.

    පවතින අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවත්, ඒ අනුව විමසුරේන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම විදුලිබලගාර ඉංජිනේරුවන් පවසයි.

    Latest News