එන්නත් මාත්‍රා 51 ලක්ෂ 36,573ක් මේ දක්වා ජනතාවට

ජූලි 10, 2021

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට මේ දක්වා එන්නත් මාත්‍රා 51 ලක්ෂ 36,573ක් ලබාදී තිබේ.

    කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ ලබා දුන් පිරිසට 48 දෙනෙක් ඇතුළත්.
    සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ එක් ලක්ෂ 55,451ක් ලබාදුන්නේය. එහි දෙවැනි මාත්‍රාව ඊයේ 24,478 දෙනෙකුට ලබා දී තිබේ. ඊයේ ෆයිසර් එන්නත ලබා ගෙන ඇති පිරිස 1,284ක්.
    ජනතාවට ඉකුත් දින 7හි ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව නව ලක්ෂ 99,900ක්. ඊයේ එන්නත් මාත්‍රා එක් ලක්ෂ 81,261ක් ලබා දී තිබේ.

    Latest News