ඕස්ට්‍රේලියා සිහිනය බොඳ කළ STF මෙහෙයුමක්

පෙබ 14, 2019

    අම්බලන්තොට උස්සන්ගොඩින් මුහුදු මාර්ගයෙන් හෙට ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සිටි ප්‍රසිද්ධ මිනිස් ජවාරම්කරු සමඟ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

    නාවික හමුදාවට ලැබුණ තොරතුරක් අනුව විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව මෙම මෙහෙයුම සිදුකර ඇත.

    එ අනුව ඕස්ට්‍රේලියාවට යාමට සිටි පිරිමි 08 ක්, කාන්තාවන් 03 ක් සමඟ කුඩා ළමුන් 04 ක් අත්අඩංගුවට ගැනීණ. ඔවුන්ගේ මුහුදු ගමනට අවශ්‍ය භාන්ඩ ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

    සම්භව මූර්ති කල්‍යාණ සුන්දර නැමැති ප්‍රසිද්ධ ජාවාරම්කරුවෙකු වන මොහු මෙම එහි ප්‍රධාන සැකකරු වන අතර දණ්ඩගමුව කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මොහු විසින් බොහෝ කලක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ පසුගිය මාස කීපය තුළ බෝට්ටු 6කින් හය වතාවකට මෙලෙස පිරිස ඔස්ට්‍රේලියාවට යවා ඇති බවයි.

    මෙම පිරිස තුළ 40 කට ආසන්න වන අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට ද මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

    මීට අමතරව උස්සංගොඩ ප්‍රදේශයෙන් පිටත්වීම සඳහා සූදානම් කර තිබූ බෝට්ටුව වෙත රැගෙන යන භාණ්ඩ තොගයක් සහ ලොරියක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් ලොරි රථයේ තිබී හාල්,පොල්,ජලබෝතල්,බෙහෙත් වර්ග,ඩීසල් ද සොයා ගැනීමට හැකි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහරාම පොලිසිය සහ පොලිස් විශේෂ බලකාය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 පෙබරවාරි 2019 15:12

    Latest News