කෝපායි නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා අයිතියට

පෙබ 14, 2019

    යාපනය සංවර්ධනයට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව විශාල කැපවීමක් හා අවධානයක් යොමු කර ඇති බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    සියලූ සංවර්ධන කටයුතු ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ගේ අදහස්, එකඟතාවය සහ සම්බන්ධතාවය ඇතිව සිදුවන බව ඔහු තවදුරටත් කියා සිටියි. යාපනයේ, කෝපායි නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව කියා සිටියේය.
    කෝපායි නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිකිරිමට රුපියල් මිලියන 40 ක වැය කර තිබේ. යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 06ක් අලුතින් ඉදිකර ජනතා අයිතියට පවරා ඇත. තවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුනක් ඉදිකෙරෙමින් පවතියි. අලුතින් ඉදිකල ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකක් විවෘත කිරීමට ද නියමිතව ඇත.

    අග්‍රාමාත්‍ය රනිල් වික්ර්මසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ ගොඩනැගිලි ලබාදීම මගින් ජනතා සේවයට පහසුකම් සැපයීම සිදුකරණ බවයි. කාර්ය මණ්ඩලය ජනතාවට සේවය කිරීමේ කටයුතු ඉතා උසස් අන්දමින් සිදුකළ යුතු බව ඔහු අවධාරනය කළේය.

    මේ අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, රාජ්‍ය අමාත්‍ය ජේ. සි. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද සහභාගි වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 පෙබරවාරි 2019 14:35

    Latest News