ත්‍රිකුණාමලය; වැලි කැනීම් බලපත්‍ර අත්හිටුවයි

පෙබ 14, 2019

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියලු වැලි කැනීම් බලපත්‍ර නැවත දැනුම් දෙනතුරු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් අත්හිටුවා තිබේ. 

    දිස්ත්‍රික්කයේ වැලි කැනීම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුකාරී තත්වය ඊට හේතුවි ඇත. පාර්ලිමේන්තු උපදේශක කමිටු උපදෙස්, මාධ්‍ය වාර්තා කර ඇති කරුණු හා කාර්යාංශය වෙත ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය සිදුවේ. එම විමර්ශනය අදාළ ආයතන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බව භූ විද්‍යා පතල් කැනීම් කාර්යාංශය පවසයි.

    එම විමර්ශන අවසන් කර තීරණයකට එළඹෙන තෙක් හෙට (15) සිට 28 දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට නිකුත් කර ඇති සියළුම වැලි කැනීම් බලපත්‍ර තාවකාලිකව අත්හිටුවා තිබේ.

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය - නිවේදනය 

    Sand 900px 19 02 14

     

    Last modified on බ්‍රහස්පතින්දා, 14 පෙබරවාරි 2019 11:59

    Latest News