වියලි කහ කිලෝ 1377 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

අගෝ 25, 2021

    නාවික මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස ගෙන ආ වියලි කහ කිලෝ 1377 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අගෝස්තු මස 22, 23 සහ 24 යන තෙදින (03) තුළ පමණක් මන්නාරම අරිප්පු වෙරළ ප්‍රදේශයේ සහ කල්පිටිය කළපු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1377කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    වෙරළ තීරය ඔස්සේ සිදුකෙරෙන මෙවැනි ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා පවත්නා වසංගත තත්වය හමුවේ වුවද ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් නාවික හමුදාව සිදුකරනු ලබන අඛණ්ඩ මුර සංචාර සහ විශේෂ සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ජාවාරම් කරුවන් හට වියලි කහ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට නොහැකිව මෙලෙස අතහැර දමා යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

    මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොග සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

    Latest News