ගුරු විදුහල්පති වැටුප් ගැටලුව ගැන තීරණයක් අද

අගෝ 25, 2021

    ගුරු විදුහල්පති ගැටලුව විසදීම සම්බන්ධයෙන් තම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද තීරණය අද දැනුම් දෙන බව ලංකා ගුරු සංගමය පවසයි.



    ගුරු විදුහල්පති ඔන්ලයින් වර්ජනය ආරම්භ කර අදට දින 45 කට අධික කාලයක් ගත වී ඇත. එයට විසදුම් ලබාදීම සදහා රජය ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබීය.

    කැබිනට් අමාත්‍යවරුන්ගේ අනුකමිටුවක් පත් කළ අතර පසුගිය සතියේදී සියලු වෘත්තීය සමිති නියෝජිතයින් සමග අනුකමිටුව සාකච්ඡා සිදු කර ඇත.

    එහි නියෝජිතයින් මුදල් අමාත්‍යවරයාද මුණ ගැසුණු අතර ඔවුන් සකස් කළ වාර්තාව මෙවර කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කරන ලදි .

    ඒ පිළිබද තීරණය ලබන කැබිනට් මණ්ඩලයේදී ලබාදෙන බව ද ප්‍රකාශ විය.

    Last modified on බදාදා, 25 අගෝස්තු 2021 16:28

    Latest News