ඔක්සිජන් රැගත් නැව් 2ක් ඉන්දියාවෙන් මෙරටට පිටත් වෙයි

අගෝ 20, 2021

    ඉන්දීය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා පසුගිය 17 වැනි දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත් වූ 'ශක්ති' නෞකාව අගෝස්තු 18 වැනිදා පස්වරුවේ ඉන්දියාවේ චෙන්නායි වරායට ළඟා වූ අතර, එම සායනික ඔක්සිජන් තොගය රැගත් 'ශක්ති' නෞකාව අද අළුයම (20) චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් විය.

    එමෙන්ම, තවත් සායනික ඔක්සිජන් තොගයක් රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් සංග්‍රාමික යුද්ධෝපකරණ සහ සැපයුම් ප්‍රවාහනය සඳහා යෝදාගනු ලබන 'ශක්ති' නම් නෞකාවක් ද ඉන්දියාවේ විශාඛාපට්නම් වරායෙන් ඊයේ රාත්‍රියේ (19) ශ්‍රී ලංකාව බලා පිටත් විය. 

    ඔක්සිජන් රැගත් මෙම නෞකාවන් දෙක 22 වැනි දින සවස සහ 23 වැනි දින උදෑසන කොළඹ වරායට සේන්දු වීමට නියමිත බවයි, නාවික හමුදාව පවසන්නේ.

    14

    3

    1

    Last modified on සිකුරාදා, 20 අගෝස්තු 2021 13:16

    Latest News