වත්තලට පැය 12ක ජල කප්පාදුවක්

අගෝ 18, 2021

    ජල සැපයුම් පද්ධතියේ වැඩිදියුණු කිරිමේ කටයුත්තක් හේතුවෙන් වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (18) දිනයේ පෙරවරු 10.00 සිට රාත්‍රි 10.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

    ඒ අනුව වත්තල, හැදල, ඇළකන්ද, අල්විස් ටවුම, වැලිකඩමුල්ල, කෙරවලපිටිය, මාබෝල, හුණුපිටිය, වෙඩ්කන්ද, වේවැල්දූව, ප්‍රංශවත්ත, කිරිබත්ගොඩ නව පාර, පාදිලිය තුඩුව පාර, දළුපිටිය පාර සහ අක්බාර් පාලම යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

    Last modified on බදාදා, 18 අගෝස්තු 2021 15:35

    Latest News